වතු කම්කරු වැටුප ගැන ජනපතිගෙන් වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙසක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසට සහ වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වැවිලි සමාගම් ප්‍රධානීන් සමග අද (08)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙලට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.

වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එම ඉදිරි කටයුතු සඳහා කමිටු පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ අතර වතු කම්කරු ජනතාවගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමට එක් කමිටුවක් පත් කිරීමටත්, වතු කම්කරුවන් සහ වැවිලි සමාගම් නියෝජනය කරමින් තවත් කමිටුව පත් කිරීමටත් මෙහිදී යෝජනා වුණා.

රටේ ආර්ථික දියුණුව ඇති කිරීමේ දී අපනයන ආර්ථිකයක් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව මෙහිදී සදහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ ඒ සඳහා ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවයි.

ඉදිරියේදී ආසියාතික රටවල ජනගහනය සීග්‍ර ලෙස ඉහළ යනු ඇති බවත් ඒ සමඟ වැඩිවන ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් මෙරට අපනයන ආර්ථිකය සූදානම් කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02