ලෝක බැංකුවෙන් මූල්‍ය සහය ලබාගැනීමට බැසිල් රාජපක්ෂ ඇමරිකාවට..?

මෙරට ග්‍රාමීය සංවර්ධනය, පුනර්ජනනීය බලශක්ති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් ලෝක බැංකුවේ සහය අපේක්ෂා කරන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ව්‍යාපෘති යෝජනා කිහිපයක්ම මේ වනවිටත් ඉදිරිපත් කර ඇති අතර මෙම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක පමණ මූල්‍ය සහය අපේක්ෂා කරන බවද සඳහන් වනවා.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලබන මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේදී ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණගැසීමට නියමිත බවද වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?