ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්ථාන තරගයට දාරගත නොහැකි ප්‍රේක්ෂක ඉල්ලුමක් – ගුවන් ගමන් ගාස්තුත් ඉහළ දමයි

2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගය පිළිබඳව මේ වන විටත් යොමුව ඇත්තේ විශේෂ අවධානයක්.

මෙම තරගය එළඹෙන 15 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ප්‍රේක්ෂකයින් 35,000 කට එකවර තරග නැරඹීමට හැකි කෙත්තාරාම ක්‍රීඩාංගණයේ මෙම තරගය වෙනුවෙන් දැනටමත් එහි සම්පූර්ණ ධාරිතාවයට ළඟා වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම තරගයේ ටිකට්පත් ඉල්ලීම් 88,000 කට වඩා ලැබී ඇති අතර, එය කෙත්තාරාම ක්‍රීඩාංගණයේ සම්පූර්ණ ප්‍රේක්ෂක ධාරිතාවයට 100% කටත් වඩා වැඩි අගයක්.

තරගයේ සෑම ටිකට්පතක්ම ICC වෙබ් අඩවිය හරහා විකුණා දමා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර තරගයට පෙර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ගාස්තු ද ඉහළ ගොස් ඇති අතර,
එයාර් ඉන්දියා ආයතනයේ පරීක්ෂාවන්ට අනුව, පෙබරවාරි 13 සිට 16 දක්වා කාලය තුළ නවදිල්ලියේ සිට කටුනායක දක්වා ගුවන් ගමන් ගාස්තුව රුපියල් 76,000ත් 100,000ත් අතර අගයන් ගෙන තිබෙනවා.

ඉන්ඩිගෝ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු එම මාර්ගයේම ක්‍රියාත්මක වන අනෙකුත් ගුවන් සමාගම් ද සැලකිය යුතු ලෙස ගුවන් ටිකට් පත් ගාස්තු ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කොළඹ හෝටල්වලට ද අසමසම ඉල්ලුමක් පවතින බවට ද තොරතුරු වාර්තා වන අතර, කොළඹ නගරයේ ප්‍රමුඛ පෙළේ හෝටල්වල කාමර ගාස්තු පවතින මිලට වඩා දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා.

  1. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් මේ රටවල් දෙකටම සමානව ප්‍රතිචාර දක්වන්නට කාරුණිකවීම වටිනවා… මේ රටවල් දෙකම පසුගිය ව්‍යවසනය වෙලාවේ අපිට සහාය දුන්නේ කොන්දේසි විරහිතව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56