ලෝක කුසලානයට එන්න පාකිස්ථාන කණ්ඩායමට ඉන්දියාවෙන් අවසර හිමිවේ

එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව ලබා පිටත්ව යෑමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය වීසා නිකුත් කිරීම ඊයේ (25) දිනයේ සිදුකළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහවුරු කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් වීසා නිෂ්කාශනය සම්බන්ධයෙන් තවමත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් දැනුම්දීමක් ලැබී නොමැති බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

පාකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා නිකුත් කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන කඳවුර තුළ ව්‍යාකූලත්වයක් පැවතුණා.

පාකිස්ථාන කණ්ඩායම හෙට (27) දින හයිද්‍රාබාද් වෙත පැමිණීමට පෙර ඩුබායි හි දින දෙකක පුහුණු සැසියක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දීය වීසා පිළිබඳ අවිනිශ්චිතතාවය හේතුවෙන් එය අවලංගු කිරීමටයි සිදු වුණේ.

ඒ, අනුව පාකිස්ථාන කණ්ඩායම හෙට (27) දින අලුයම ලාහෝර් සිට ඩුබායි හරහා හයිද්‍රාබාද් බලාගමන් කිරීමට නියමිත බවයි තොරතරු වාර්තා වුණේ.

මේ අතර පාකිස්ථානයට මෙලෙස අසාධාරණ ලෙස සැලකීම පිළිබඳව සිය කනස්සල්ල මතු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් ද පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය යොමුකර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00