ලොව දෙවන තැන පසුවන බෙල්ජියම පැරදූ මොරොක්කෝවට ඓතිහාසික ජයක්

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සහ ජර්මනිය මුහුණ දුන් වාසනාවන්ත ඉරණමටම මුහුණදීමට ප්‍රබල බෙජියම් කණ්ඩායමට ද ඊයේ (27) සිදුවුණා.

ඒ, මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල විසි දෙවන ස්ථානයේ පසුවන මොරොක්කෝව ඉදිරියේ ගෝල දෙකට බිංදුවක් ලෙස පරාජයට පත්වීමත් සමඟයි.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට දෙවන ස්ථානයේ පසුවන ප්‍රබල බෙජියම් කණ්ඩායම ලැබූ මෙම අනපේක්ෂිත පරාජය පාපන්දු ලෝකය තුළ දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.

මේ අතර, මෙවර ලෝක කුසලාන පිටියෙන් ඉවතට විසිවන දෙවන කණ්ඩායම බවට කැනඩා කණ්ඩායම ඊයේ පත් වුණා.

ඒ, කැනඩාව සමඟ පැවති තරගය ගෝල හතරට එකක් ලෙස ක්‍රොඒෂියාව ජය ගැනීමත් සමඟයි.

ඊයේ දිනයේ දී ලෝක පාපන්දු පිටියේ තවත් ප්‍රබල කණ්ඩායමේ දෙකක් අතර තරගයක් පවත් වුණා.

ඒ, ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගයයි.

මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණේ නියමිත කාලය අවසන් වනවිට දෙපිළම එක් ගෝලය බැඟින් ලබාගෙන සිටීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?