ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපතිවරයෙක් වන උදේනි දසනායකව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සමාගමේ කම්කරු තනතුර සඳහා අනුමත ප්රමාණය ඉක්මවා, බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව ‘අනියම් කම්කරු’ තනතුර සඳහා 2023/ 2024 වසරවල සේවකයන් බඳවා ගැනීම සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
එම බඳවාගැනීමෙන් මේ දක්වා රුපියල් තුන් කෝටි හතලිස් හතර ලක්ෂ තිස් අටදහස් හයසිය පනහයි ශත හතලිස් දෙකක (34,438,650,42)ක මුදලක් එකී අනියම් කම්කරුවන්හට වැටුප් ගෙවීමට සැලැස්වීමෙන්, එම පුද්ගලයින්ට අයුතු සහගත වාසියක් සිදුකර දූෂණය නැමැති වරද සිදුකර ඇති බවයි අල්ලස් කොමිසම පෙන්වා දෙන්නේ.
අදාළ සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













