ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපතිවරයෙක් වන උදේනි දසනායකව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සමාගමේ කම්කරු තනතුර සඳහා අනුමත ප්‍රමාණය ඉක්මවා, බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව ‘අනියම් කම්කරු’ තනතුර සඳහා 2023/ 2024 වසරවල සේවකයන් බඳවා ගැනීම සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

එම බඳවාගැනීමෙන් මේ දක්වා රුපියල් තුන් කෝටි හතලිස් හතර ලක්ෂ තිස් අටදහස් හයසිය පනහයි ශත හතලිස් දෙකක (34,438,650,42)ක මුදලක් එකී අනියම් කම්කරුවන්හට වැටුප් ගෙවීමට සැලැස්වීමෙන්, එම පුද්ගලයින්ට අයුතු සහගත වාසියක් සිදුකර දූෂණය නැමැති වරද සිදුකර ඇති බවයි අල්ලස් කොමිසම පෙන්වා දෙන්නේ.

අදාළ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41