රෝහල් ගත වූ කාන්තාවකගේ ගර්භාෂයේ වීදුරු බෝතල් දෙකක් – සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

අධික රුධිරය වහනය වන බව පවසමින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත වූ කාන්තාවකගේ ගර්භාෂය තුළ තිබී වීදුරු බෝතල් දෙකක් ඉවත් කිරීමට මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

තමන්ට අධික ලෙස රුධිරය වහනය වන බව පවසමින් නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් පෙරේදා (09) වනදා මාරවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබෙනවා.

ජනවාරි පළමු වනදා තමන් සේවය කරන ආයතනයේ හිමිකාරියගේ නිවසේ සාදයක් පැවති බවත්, එම අවස්ථාවේ අධික ලෙස මත්පැන් පානය කර සිටි තමන්ව පුද්ගලයින් දෙදෙනෙකු විසින් දූෂණය කළ බවත් රෝහල් ගතකළ කාන්තාව වෛද්‍යවරුන්ට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ගතකළ කාන්තාවගේ සිදුකළ ස්කෑන් පරික්ෂාවක දී ඇයගේ කුස තුළ බෝතල් දෙකක් ඇති බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන ඇති අතර, පසුව ඇයට සිදුකරන ලද ශල්‍යකර්මයක දී එම බෝතල් දෙක පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

අදාළ කාන්තාව දූෂණය කළ බව කියන නාත්තන්ඩිය, පිලාකටුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් සහ ඒ සදහා අනුබල දුන් බව කියන කාන්තාවක් මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහල් ගත වී සිටින කාන්තාව සේවය කළ බව කියන ආයතනයේ හිමිකාරිය සහ එහි සේවකයින් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගෙන ඇති තිදෙනා මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඉකුත් 01 වනදා පැවති සාදයේ දී රෝහල් ගත වී සිටින කාන්තාව සහ පිරිමි පුද්ගලයින් දෙදෙනා අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව විමර්ශන වල දී අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

  1. මේ කියන ද්වල් විශ්වාස කරන්න පුලුවන්ද. මේ කාන්තව පෙණ විදියට ගණිකා වුර්තිය්‍රේ නියලෙන කෙනෙක් වගෙයි.ගන්න තියන් අතල් ඔක්කොම අරගෙන දන් පිරිමින්ට වරද පටවනවා වගෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17