රුහුණු විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) රාත්‍රියේ දී පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර වෘත්තීය සමිත අග්‍රාමාත්‍යවරියගේ අවධානයට ලක් කළ ප්‍රධානතම ගැටලුව වූයේ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කරන සුජීව අමරසේන මහතාගේ ක්‍රියා කලාපයයි.
මේ වනවිටත් තම විශ්වවිද්‍යාලයේ සියලු ම වෘත්තීය සමිති ඒකාබද්ධ වී වැඩ වර්ජනයක නිරත වන බවත් දූෂිත අක්‍රමිකතා ඇති මෙම උපකුලපතිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරන ලෙසටත් ඉල්ලා ඔවුන් අගමැතිවරිය වෙත තම ගැටලුව ඉදිරිපත් කළා.
විශ්වවිද්‍යාල සමිති සම්මේලනයේ ලේකම් චාරු දත්ත ඉලංගසිංහ සාකච්ඡාවෙන් අනතුරුව සඳහන් කර සිටියේ; අගමැතිවරිය සහ තම සංගම් අතර සාකච්ඡාව ඉතා සාධනීය මට්ටමක තිබූ බවත් විශ්වවිද්‍යාලයීය ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට මැදිහත් වන බවට දැනුම්දුන් බවයි.
මෙම උපකුලපතිවරයා ඉවත් නොකළහොත් දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල වෘත්තීය සමිති එක්ව වැඩ වර්ජන දියත් කිරීම සිදු කරන බව ද ඔවුන් මාධ්‍ය වෙත සඳහන් කළා.














Api danna tharamin Prof. Sujeewa Amarasinghe mahatha neethi garukawa, awankawa weda karana kenek. Nisi lesa awa pathwiemak misa deshapalana pathwiemakuth newai. Akramikatha katha borru. Hodata soya balanna, Pirihie yamin thibu Ruhunu campus eka, neethi panawamin hoda thenakata gena awa. neithi walata garu nokarana kipadenek thamange pudgalika hethu matha genayana Loku mada paharak.