ඉෂාරා සෙව්වන්දි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටි ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකාරිය අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ.

මෙම සැකකාරිය මාස 10ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (10) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඉෂාරා සෙව්වන්දි 2025 වසරේ ඔක්තෝබර් 14 වනදා නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.