රුහුණු සරසවියේ උපකුලපති එලවන්න වෘත්තීය සමිති අගමැතිනියගේ සහාය පතයි (වීඩියෝ)

රුහුණු විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) රාත්‍රියේ දී පැවැත්වුණා.

අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර වෘත්තීය සමිත අග්‍රාමාත්‍යවරියගේ අවධානයට ලක් කළ ප්‍රධානතම ගැටලුව වූයේ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කරන සුජීව අමරසේන මහතාගේ ක්‍රියා කලාපයයි.

මේ වනවිටත් තම විශ්වවිද්‍යාලයේ සියලු ම වෘත්තීය සමිති ඒකාබද්ධ වී වැඩ වර්ජනයක නිරත වන බවත් දූෂිත අක්‍රමිකතා ඇති මෙම උපකුලපතිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරන ලෙසටත් ඉල්ලා ඔවුන් අගමැතිවරිය වෙත තම ගැටලුව ඉදිරිපත් කළා.

විශ්වවිද්‍යාල සමිති සම්මේලනයේ ලේකම් චාරු දත්ත ඉලංගසිංහ සාකච්ඡාවෙන් අනතුරුව සඳහන් කර සිටියේ; අගමැතිවරිය සහ තම සංගම් අතර සාකච්ඡාව ඉතා සාධනීය මට්ටමක තිබූ බවත් විශ්වවිද්‍යාලයීය ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට මැදිහත් වන බවට දැනුම්දුන් බවයි.

මෙම උපකුලපතිවරයා ඉවත් නොකළහොත් දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල වෘත්තීය සමිති එක්ව වැඩ වර්ජන දියත් කිරීම සිදු කරන බව ද ඔවුන් මාධ්‍ය වෙත සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58