ජපානයට බලපෑ භූ කම්පනයත් සමග රුසියාවට සහ දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඒ අනුව දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයට අඩි 1.5ක පමණ සුනාමි රළ පහර ඇතුළු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.රුසියාවේ පැසිෆික් මුහුදු තීරයේ ජපානයට ආසන්නව පිහිටා ඇති Sakhalin දිවයිනේ බටහිර වෙරළ තීරයේ සහ Primorsk සහ Khabarovsk යන කලාපවලටද මෙම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවට සඳහන්.
දකුණු කොරියාව විසින් නැගෙනහිර වෙරළබඩ නගරවල පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මුහුදු මට්ටමේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
2
+1
3
+1
2
+1