රාජ්‍ය පරිපාලන ලේකම්ගේ ලිපියක් බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරග වැදීමට නියමිත අපේක්ෂකයින්ගෙන් නැවත දැනුම් දෙන තුරු ඇප තැන්පතු බාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසිනුයි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බන්ඩාර හපුහින්න, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන්, නීතිපතිවරයා ඇතුළු 85 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ ඊයේ (10) වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව පළාත් පාලන ඡන්ද විමසීම සදහා තරඟ වැදීමට නියමිත අපේක්ෂකයින්ගෙන් ඇප තැන්පතු බාර නොගන්නා ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කර ඇති බවයි.

මෙවැනි ලිපියක් නිකුත් කිරීම මුළුමනින්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු මේ හරහා ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙන්වා දෙනවා.

එබැවින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරඟ වැදීමට නියමිත අපේක්ෂකයින්ගෙන් ඇප තැන්පතු බාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව එම ලිපියට අනුව කටයුතු කිරීමෙන් වළකින ලෙස දන්වා දිවයිනේ තේරීම් භාර නිලධාරීන් වෙත නියෝග නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

එමෙන්ම මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන අදාළ ලිපිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21