ශ්‍රීලනිප කාන්තාවන්ගෙන් 22 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය විමර්ශනයක් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නීති ලේකම් නීතිඥ අනුරාධා ලක්මිණි ගුරුගේ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVවන පරිච්ඡේදයේ “අධිකරණයේ ස්වාධීනත්වය” ශීර්ෂය යටතේ ඇතුළත් 107 ව්‍යවස්ථාවේ (5) වන අනුව්‍යවස්ථාව සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාමගත යුතු වයස අවුරුදු 02 කින් දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙනවා.

මෙම යෝජිත සංශෝධනයේ ඇතැම් විධිවිධාන මගින් වර්තමානයේ ධූරය දරණ විනිශ්චයකාරවරුන්ට ඍජුව බලපෑමක් ඇති වන බැවින් එය අධිකරණයේ ස්වාධීනත්වයටත් බලතල වෙන්කිරීමේ මූළධර්මයටත් සංවර්ණය හා තුලන පවත්වා ගැනීමටත් දැඩිව බලපෑම් ඇතිවිය හැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය පෙන්වා දෙනවා.