රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි විසින් පෙත්සම ඉදිරිපත් කළා.
එම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් ජනතා පරමාධිපත්‍යය හෝ අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදු නොවන බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
එම නිසා අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත වීම අවශ්‍ය නොවන බවත් පෙත්සම්කරු සඳහන් කළා.













