ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කිරීමට KDU රෝහල සමඟ අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කරමින්, එහි පවතින දිගු රෝගී පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීම සඳහා වූ විශේෂ ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අද (25) නිල වශයෙන් අත්සන් තැබුවා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි.

මෙම ඓතිහාසික අවබෝධතා ගිවිසුම ආරක්‍ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අතර අත්සන් තැබුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්. ජී.යූ ධම්මික කුමාර යන අය විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින KDU ශික්ෂණ රෝහල සතුව නවීන ශල්‍යාගාර, දියුණු වෛද්‍ය උපකරණ සහ ප්‍රමාණවත් භෞතික ධාරිතාවක් පැවතුණද, විශේෂඥ සායනික කාර්ය මණ්ඩලයේ සීමිත බව හේතුවෙන් එම සම්පත්වලින් මෙතෙක් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකිව ඇති බව නිරීක්‍ෂණය වී තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය ඉහළ විශේෂඥ දැනුමකින් සහ අතිනවීන පහසුකම්වලින් යුක්ත වුවද, පවතින අධික ඉල්ලුම හේතුවෙන් රෝගීන් විශාල ප්‍රමාණයක් දිගුකාලීන පොරොත්තු ලේඛනවල පසුවනවා .

මෙම ගැටලුවට තිරසාර විසඳුමක් ලෙස, ජාතික රෝහලේ සේවාවන්හි දිගුවක් (Extension) ලෙස KDU රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ පහසුකම් භාවිතා කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා.

ඒ අනුව, ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සායනික කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන්, පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් සඳහා KDU රෝහල් පරිශ්‍රයේදී හෘද සැත්කම් සිදුකිරීම සහ විශේෂඥ ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩසටහන මේ හරහා ක්‍රියාත්මක කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40