ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දත්ත පද්ධතිය පසුගිය 10 දින සිට අක්‍රීය වී ඇති බැවින් එම පද්ධතිය නැවත සකස් කරන තුරු බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙකුත් පළාත් සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවක් මතුව ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතන විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
ඒ හේතුවෙන්, අදාළ දත්ත පද්ධතිය යථාවත් කර, බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙකුත් පළාත්වල සාමාන්‍ය පරිදි ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන තෙක්, පොලිස් නිලධාරීන් විසින් ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථාවෝචිතව රියදුරන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් රාජකාරී කරනු ලබන සියලු පොලිස් නිලධාරීන් දැනුවත්ව ක්‍රියා කළ යුතු බව පොලිස්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.






