රන්ජන්ට නිදහස? ඉල්ලීම ජනපතිගේ ‘වේටින් ලිස්ට්’ එකේ

උසාවියට අපහාස කිරීම සම්බන්ධව වැරදිකරු වී සිරදඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා වෙත සමාව ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය මස 31 වැනිදා ලිඛිත ඉල්ලීමක් (ජනාධිපති කාර්යාලය වෙත) යවා ඇත.

එය පසුගිය 01 වැනිදා ලැබුණු බවත්, ඒ පිළිබඳව තවම කිසිදු ප‍්‍රතිචාරයක් ලබාදීමට කාලයක් නොලැබුණු බවත් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. එම ඉල්ලීම පිළිබඳව වැඩිදුරටත් කටයුතු කරන්නේ කෙසේදැයි විමසූ විට, දිනයක් දෙකක් වැනි කෙටි කලක් මෙම ඉල්ලීම සිදු කර ගතවී ඇති හෙයින් ඒ පිළිබඳව මෙතෙක් කිසිවක් කිව නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මනෝජ් අබයදීර

————————-

සමාව දෙන්න ජනපතිට පුළුවන්… ජනාධිපති නීතිඥ කේ. සුමන්තිරන්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34-1 (අ) යටතේ නීතීන්ට අනුකූලව කොන්දේසි සහිතව හෝ නොමැතිව සිරකරුවකුට සමාව දීමේ බලයක් ජනාධිපතිවරයාට ඇති බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ මඬුල්ලේ සිටි ජනාධිපති නීතිඥ කේ. සුමන්තිරන් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය.

මීට පෙර ද එවැනි නෛතික බලය ඔස්සේ ජනාධිපති සමාව දීම් සිදුව ඇති බව සුමන්තිරන් මහතා කීවේය. ඔහු රාමනායක මහතා වෙනුවෙන් එදා අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ මඬුල්ලේ සිටි නීතිවේදියෙකි.

ඒ. ජේ. අබේනායක

————————

අධිකරණයෙන් සමාව ඉල්ලිය යුතුයි.. ලොහාන් කියයි

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලබන්නේ ඔහු අධිකරණයෙන් සමාව ඉල්ලූ පසුව යැයි බන්ධනාගාර පුනරුත්ථාපන කළමනාකරණ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

මේ හැර ඉන් අනතුරුව ඔහු නිදහස් කරන ලෙස ඔහුගේ පවුලේ උදවිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතුව ඇතැයි ද හෙතෙම කීය.

නෝමන් පලිහවඩන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03