රක්ෂණ සංස්ථාව සමාගම් 02ක් වශයෙන් වෙන් කිරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ඉල්ලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පොදු සේවකයින්ගේ වෘත්තීය සමිතියේ මහ ලේකම් උදයංග රත්න දිවාකර විසින් ඊයේ (01) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

නීතීඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ගොනුකළ එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ එහි අධ්‍යයක්ෂ මණ්ඩලය ඇතුළු 56 දෙනෙකු නම් කර සිටිනවා.

පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමාගම් දෙකකට වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක කර ඇති බව තමාට දැන ගැනීමට ලැබුණු බවයි.

රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ඉකුත් අප්‍රේල් මස 25 වනදා නිකුත් කළ ලිපියක ද ඒ බව සඳහන් කර ඇති බවත් ඔහු කියා සිටියා.

එම තීරණය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන නොමැති බවත් පාර්ලිමේන්තුව අනුමැතිය ලබාගැනීමකින් තොරව මෙවැනි තීන්දුවක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට නීත්‍යානුකූල හිමිකමක් නොමැති ඔහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවත් එමඟින් ජනතාවට විශාල සුභ සිද්ධියක් සැලසෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

ඒ ,අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්කම් සහ දේපල අලුතින් ස්ථාපිත කිරීමට යෝජිත සමාගම් දෙකකට වෙන්කර ලබාදීම වළක්වාලමින් එහි අධ්‍යයක්ෂ මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් අයැද සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08