යූරියා මිල අඩු කෙරේ

ජුනි මස 15 වෙනි දින සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද (31 )පෙරවරුවේ යූරියා පොහොර අඩුකිරීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී යි මෙම තීන්දුව ගනු ලැබුවේ.

ජුනි මස 10- 12 අතර දිනයක මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 31,500ක පොහොර නැවක් පැමිණීමට නියමිතයි.

ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසියත්, ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල අඩුවීමේ වාසියත් ගොවීන්ට ලබා දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළා.

පසුගිය යල කන්නය වනවිට පුද්ගලික අංශය විසින් රු.42,000කට අලෙවි කළ යූරියා පොහොර මිටියක් මේ වනවිට පුද්ගලික අංශය විසින් රු.11,000 දක්වා මිල පහත දමා තිබෙනවා. මීට හේතුව වූයේ රජය විසින් යූරියා පොහොර මිටියක් රු.10,000 දක්වා අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගැනීමයි.

මේ අතර, පසුගිය මහ කන්නයේ රු. 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක මිල රජය විසින් මෙම යල කන්නයේදී රුපියල් 15,000ක් දක්වා රු.4500කින් පහත හෙළනු ලැබුවා.

රජය විසින් මෙම සියලු සහන සලසනු ලබන්නේ ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කිරීමේ පරමාර්ථයෙන් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38