යුක්‍රේනයට ගොස් යළි එමින් සිටි යුරෝපීය ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසකගේ ජීවිත අනූනවයෙන් බේරෙයි

එක්සත් රාජධානියේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සහ යුරෝපීය ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගමන් ගත් රාජ්‍ය තාන්ත්‍රික දුම්රියක් යාහොඩින් දුම්රිය ස්ථානයෙන් පිටව ගොස් සුළු මොහොතකට පසු එම දුම්රිය ස්ථානයේ තිබූ වෙනත් දුම්රියකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

රාජ්‍ය තාන්ත්‍රික පිරිස ගමන් ගත දුම්රිය යුක්‍රේන-පෝලන්ත දේශසීමාව අසල යුක්‍රේනයේ යාහොඩින් දුම්රිය ස්ථානයෙන් පිටව ගොස් සුළු වේලාවකට පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රියේ එන්ජිම වෙත එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදුව නොමැති අතර, සියලුම මගීන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට කටයුතු කළ බවයි යුක්‍රේන බලධාරීන් සඳහන් කළේ.

යුක්‍රේනයේ කිව් අගනුවර පැවැති ආරක්ෂක සමුළුවකින් පසු නැවත පෝලන්තය දෙසට ගමන් කරමින් සිටි මෙම ප්‍රභූ පිරිස අතර ස්වීඩනයේ හිටපු අග්‍රාමාත්‍ය කාල් බිල්ඩ් සහ අමෙරිකානු CIA සංවිධානයේ හිටපු ප්‍රධානී ඩේවිඩ් පෙට්‍රේයස් ද සිට තිබෙනවා.

දුම්රිය කාලසටහනේ සිදුකළ හදිසි වෙනස්කම් හේතුවෙන් මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින් රැගත් දුම්රිය නියමිත වේලාවට පෙර යාහොඩින් දුම්රිය ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඉන් පසුව යාහොඩින් දුම්රිය ස්ථානය වෙත පැමිණි දුම්රියට මෙලෙස ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36