එක්සත් රාජධානියේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සහ යුරෝපීය ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගමන් ගත් රාජ්‍ය තාන්ත්‍රික දුම්රියක් යාහොඩින් දුම්රිය ස්ථානයෙන් පිටව ගොස් සුළු මොහොතකට පසු එම දුම්රිය ස්ථානයේ තිබූ වෙනත් දුම්රියකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
රාජ්‍ය තාන්ත්‍රික පිරිස ගමන් ගත දුම්රිය යුක්‍රේන-පෝලන්ත දේශසීමාව අසල යුක්‍රේනයේ යාහොඩින් දුම්රිය ස්ථානයෙන් පිටව ගොස් සුළු වේලාවකට පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රියේ එන්ජිම වෙත එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදුව නොමැති අතර, සියලුම මගීන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට කටයුතු කළ බවයි යුක්‍රේන බලධාරීන් සඳහන් කළේ.
යුක්‍රේනයේ කිව් අගනුවර පැවැති ආරක්ෂක සමුළුවකින් පසු නැවත පෝලන්තය දෙසට ගමන් කරමින් සිටි මෙම ප්‍රභූ පිරිස අතර ස්වීඩනයේ හිටපු අග්‍රාමාත්‍ය කාල් බිල්ඩ් සහ අමෙරිකානු CIA සංවිධානයේ හිටපු ප්‍රධානී ඩේවිඩ් පෙට්‍රේයස් ද සිට තිබෙනවා.
දුම්රිය කාලසටහනේ සිදුකළ හදිසි වෙනස්කම් හේතුවෙන් මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින් රැගත් දුම්රිය නියමිත වේලාවට පෙර යාහොඩින් දුම්රිය ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.
ඉන් පසුව යාහොඩින් දුම්රිය ස්ථානය වෙත පැමිණි දුම්රියට මෙලෙස ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.













