යාගි සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් – මරණ ගණන 220 ඉක්මවයි

මියන්මාරයට බලපෑ යාගි සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 220 කට වඩා වැඩි බව එරට බලධාරීන් පවසනවා.

තවත් පුද්ගලයින් 80 කට ආසන්න පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

යාගි කුණාටුව පසුගිය සතියේ උතුරු වියට්නාමය, ලාඕසය, තායිලන්තය සහ මියන්මාරය හරහා හමා ගිය අතර, නිල සංඛ්‍යාලේඛනවලට අනුව කලාපය පුරා පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

මෙම සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ වගාවන් අක්කර ලක්ෂ ගණනක් වී ඇති අතර, ඊට අමතරව මිලියන පහකට වැඩි පිරිසකට ආහාර, පිරිසිදු පානීය ජලය, නවාතැන් සපායා ගැනීම අර්බුදයක් වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආපදා ප්‍රතිචාර ඒජන්සිය පවසන්නේ, අවහිර වූ මාර්ග, හානියට පත් පාලම් සහ විසන්ධි වූ සන්නිවේදන මාර්ග හේතුවෙන් අවතැන් වී සිටින පුද්ගලයින්ට සහන කටයුතුවලට දැඩි බාධාඑල්ල වී ඇති බවයි.

මේ අතර මියන්මාර පාලක ජුන්ටාව පසුගිය සති අන්තයේ කළ ඉල්ලීමකට අනුව අසල්වැසි ඉන්දියාව ආහාර, ඇඳුම් පැළඳුම් සහ ඖෂධ ඇතුළු ආධාර රැසක් පරිත්‍යාග කර තිබෙනවා.

මියන්මාර ඉතිහාසයේ ඇති වූ දරුණුතම ස්වභාවික ව්‍යසන තත්ත්වය මෙය බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

යාගි සුළි කුණාටුව හේතුවෙන් තායිලන්තයේ මරණ 10ක් සහ ලාඕසයෙන් එක් මරණයක් ද සිදුව තිබෙනවා.

ඊට අමතරව වියට්නාමයේ මරණ 292ක් සිදුව ඇති අතර, 38 දෙනෙක් අතුරුදහනව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38