මෝදර දේවාලයේ පෙරහැර පැවැත්වීමට අභියාචනාධිකරණයේ අවසරය

අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ 82 වන වාර්ෂික මහා පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව පවසමින් අම්බලන්ගොඩ ස්ථානාධිපතිවරයා විසින් ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් දේවාලයේ පෙරහැර කමිටුව විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම අද (28) දිනයේ සලකා බැලුවා.

එහිදී නීතික පාර්ට්නර්ස් නීතීඥවරුන්ගේ උපදෙස් මත පෙරහැර කමිටුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉෂාන් අලවතුරගේ සහ රජය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා විසින් සිදුකළ දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරුව දෙපාර්ශ්වය විසින් ඇති කරගත් එකඟතාවය මත පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබාදීමට ගරු අභියාචනාධිකරණය විසින් තීරණය කළා.

ආදිත්‍ය පටබැඳිගේ සහ බී.ශෂි මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08