ජනාධිපති අරමුදල මගින් මධ්‍යම පළාතේ ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ, මධ්‍යම පළාත් වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.

ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්, ලොතරැයිපත් අලෙවිකරුවන් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වනවා.

මධ්‍යම පළාතේ ලොතරැයි අලෙවිකරුවරුන්ගේ දරුවන් වෙනුවෙන් අද (28) දින ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු වුණා.

මේ අතර මහයියාව පූර්ණවත්ත (බටහිර) ග්‍රාම නිලධාරී වසමේ සිසු දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපන ආධාර පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා.

මෙහිදී ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 106ක්.

මෙම උත්සව සභාව ඇමතූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සඳහන් කළේ මෙම අවස්ථාව ජාතිය ගොඩනැගීමේ අරගලයට ලොතරැයිපත් අලෙවිකරුවන් ලබා දෙන පූර්ණ දායකත්වයට ප්‍රණාමය පුද කිරීමක් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,

2025 වසරේ සිට ජනාධිපති අරමුදල මේ රටේ ජනතාව වෙනුවෙන්ම වෙන් වු අරමුදලක් ලෙස විශාල මෙහෙවරක නිරත වෙනවා. 2026 වර්ෂයේ මේ දක්වා රුපියල් මිලියන 6,115ක් ජනාධිපති අරමුදලෙන් මේ වැඩසටහන් සඳහා වියදම් කර තිබෙනවා. රෝගාබාධ සඳහා රුපියල් මිලියන 856ක්, ස්වයං රැකියා සහ අසරණ පවුල් සඳහා, ආගමික ආයතන 41කට, සංස්කෘතික පෙරහැරවල් පැවැත්වීමට පවා මුදල් ලබාදී තිබෙනවා. පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පාසල් දරුවන් 2,06,001 දෙනෙකුට දරුවෙකුට රුපියල් 10,000 බැගින් රුපියල් මිලියන 2,060ක් ලබා දුන්නා. 2026 වර්ෂයේ මහපොළ ශිෂ්‍යත්ව සඳහා පමණක් රුපියල් මිලියන 2,666ක් ලබාදී තිබෙනවා. 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් 01 වෙනි ස්ථානයේ සිට 10 වෙනි ස්ථානය දක්වා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසුන්ට දුන් ශිෂත්වය මෙම 2025 වසරේදී 01 වෙනි ස්ථානයේ සිට 20 වෙනි ස්ථානය දක්වා දෙගුණයකින් ඉහළ නංවා තිබෙනවා.

ඔබ හිතන්න, මේ මහා ධනස්කන්ධය ලබා දෙන්නේ කොහෙන්ද කියලා? මේ මුදල් ලබා දෙන්නේ ලොතරැයි විකුණන, මෙම වෘත්තියේ යෙදී සිටින 20,000ක් වන ඔබ. ගණන් හදා බලද්දී ඔබතුමන්ලා වසරකට රුපියල් මිලියන 30,000කට වැඩි ප්‍රමාණයක් රාජ්‍යයට, රටේ සංවර්ධනයට ලබා දෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට වාර්ෂිකව රුපියල් මිලියන 6,000ක්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මිලියන 1,500ක්, රණවිරු අරමුදල, වකුගඩු අරමුදල, සෞඛ්‍ය සංවර්ධන, සමාජ සේවා සහ ගොවි අරමුදල් සඳහා තවත් මිලියන 600ක් ලබා දෙනවා.

මේ සියලු මුදල් දෙන්නේ ලොතරැයි අලෙවි කරන 20,000ක් වන ඔබයි. ඔබ සාමාන්‍ය පිරිසක් නෙවෙයි. රණවිරුවන්, සුවවිරුවන්, රටවිරුවන් වගේම ඔබත් ජාතියේ ලොකු මෙහෙවරක් කරන නිහඬ වීරයන් කොටසක්. මම ඒ ගැන කෘතඥ වෙනවා. ජාතිය ගොඩනැගීමේ අරගලයට ඔබ ලබාදෙන පූර්ණ දායකත්වයට මගේ ප්‍රණාමය පුද කරනවා.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි,

ඔබ අධ්‍යාපනයේ දැනුම සොයා යා යුතුයි. අද දවස වන විට දැනුම කියලා කියන්නේ ඉතාමත්ම අභියෝගාත්මක දෙයක්. දැනුම තියෙන්නේ අපි ඉගෙනගන්න පොත්වලට එහා. ඒක නිසා අපිට අවශ්‍යයි ඔබ අන්න එහෙම දැනුම සොයාගෙන යන පිරිසක් බවට පත් කිරීමට.ඒ දැනුම් පද්ධතිය වගේම ඔබ ලබාගන්නා කුසලතාවයන් සමඟ ඔබ විනයත් ඇති කරගත යුතුයි. විනයෙන් තොර වූ කුසලතාවෙන් රටට ඇති වැඩක් නැහැ. ඔබ මේ ගමන් කරමින් ඉන්නේ ලෝකයේ දියුණුම රාජ්‍යයක් වෙත ගමන් කරන ගමනක සිටින ශිෂ්‍යයෙකු වශයෙන්. ඒක නිසා ඔබට ඒ දියුණුම රාජ්‍යය බවට ලංකාව පත් කිරීමේ වගකීමේ සෑහෙන කොටසක් පැවරී තිබෙනවා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලය මේ කරන්නේ ආයෝජනයක්. ඒ වගේම ජනාධිපති අරමුදල මේ කරන්නේ ආයෝජනයක්. ඒ ආයෝජනය අපි රටේ කම්හල් හදනවාට වඩා, මේ රටේ පාරවල් හදනවාට වඩා, එහෙම නැත්නම් මේ රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා කරන ඉතාමත්ම විශාලම ආයෝජනය බව කිවයුතුයි. ඒක නිසා ඒ ආයෝජනයේ ප්‍රතිලාභ අපි ලබාගනිමු. ඒ වගේම ඒ ප්‍රතිලාභ අපි පෙරළා අපේ රටට ලබා දෙමු.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,

අපේ රේඛීය අධ්‍යාපන රටාව තුළ, යම්කිසි දරුවෝ ප්‍රමාණයක් අතරමග හැළෙනවා. ඔවුන් තුළ යම්කිසි නිපුණතාවක් තිබෙනවා. එහෙත් ඒ නිපුණතාව මැනීමට මිනුම් දණ්ඩක් නැහැ. මේ අතහැරෙන පිරිසට මොකක්ද වෙන්නේ. ඒ නිසා තමයි වත්මන් ආණ්ඩුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේ. අපි විශ්වාස කරනවා මේ එක වසරෙන් පටන් ගත්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් මේ ආකාරයේ චින්තන රටාවක් තිබෙන දූ දරුවෝ හැළෙන්නේ නැති වෙයි කියලා. මොනයම් ආකාරයකින් හරි සමාජයට වැඩදායක දරුවෙක් බිහි කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා. අවුරුදු 13කට පස්සේ සිදු කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් අපි බලාපොරොත්තු වෙන්නේ එයයි.

අපිට ඕනතරම් භෞතික සංවර්ධනය සිදු කළ හැකියි. ඒක ලොකු දෙයක් නෙමෙයි, දැනටමත් එම වැඩපිළිවෙළ රජය ආරම්භ කර තිබෙනවා. මේ කරන මානව සම්පත් සංවර්ධනය, චින්තනමය පරිවර්තනය ලේසි නෑ. ඒ නිසා මේ ප්‍රතිලාභවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් හොඳ අධ්‍යාපනයක් ලබා රටට වැඩදායී පුරවැසියෙකු වන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53