අධිකරණයට අපහාස කළ බවට රවී, ශානි සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහි පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කෙරේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීයෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන අය මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළ බවට සහ සිරිල් ගාමිනී පියතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක අන්තර්ගත කරුණු වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව සඳහන් කරමින් එම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02