ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා – විපක්ෂ නායක

වත්මන් රජය පුනර්ජනනීය බලශක්තිය හීනකර ඉන්ධන සහ තාප විදුලි බලාගාර මාෆියාවේ කොමිස්වලට යට වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ හේතුවෙන් සුනිත්‍ය බලශක්තිය, සූර්ය බලශක්තිය සහමුලින්ම විනාශ මුඛය කරා ගෙන යන ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී සූර්ය බලශක්ති ක්⁣ෂේත්‍රයේ දැනට මතුවී ඇති ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා පාර්ශ්වකරුවන් පිරිසක් සමඟ ඊයේ (27) පැවැති හමුවකදීයි.

අද වන විට විවිධ කරුණු කාරණා ඉදිරිපත් කර සූර්ය බලශක්තිය විනාශ කරන්නට කටයුතු කරන බවත්, දවල්ට ලාභ ලබන වෙලාවේ ලබා දී රෑට ගණන් වැඩි වෙලාවට ගන්නවා යන ක්‍රමවේදය තුළ බොරු දත්ත කේන්ද්‍රීය තර්කයක් ඉදිරිපත් කරන්න උත්සාහ දරන බවයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

සූර්ය බලශක්තිය ප්‍රසාරණය වීම තුළ වරප්‍රසාද නොලත් ව්‍යවසායකයන්ට හානියක් සිදුවන බව පැවසුවත් දළ වශයෙන් මෙගවොට් 2500ක් සූර්ය බලශක්තියෙන් නිපදවීම නිසා රුපියල් බිලියන 25ක් නිපදවන කර්මාන්තයක් නෙක්මීටරින් නෙක් එකවුන්ටින් ඉවත් කර නෙට් ප්ලස් ක්‍රමවේදය භාවිත කිරීමෙන් රජය විනාශ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කර සිටියා.