ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා වන යෝජනාවක් අද (280 දිනයේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (27) ගම්පහ පැවති ජන රැළියක දී දැනුම් දුන්නා.
ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරය ලබාදීම වෙනුවෙන් රජය විසින් වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 4,100ක්.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ ඉන්ධන මත ජනතාවට දැරීමට සිදුවන බර අඩු කිරීමේ අරමුණින් මෙම සහනාධාර මුදල ලබාදීමට තීරණ කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
මේ අතර රජය විසින් පසුගිය අප්‍රේල්, මැයි සහ ජුනි මාස සඳහා ඩීසල් ලීටරයකට රුපියල් 100ක්ද පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක ද සහනාධාරයක් ලබා දුන් අතර, ඒ සඳහා රුපියල් කෝටි 5,700ක මුදලක් වෙන් කරනු ලැබුවා.













