මෝදර, අලුත් මාවත ප්‍රදේශයේ මල්ලක අත්බෝම්බ 10ක් තිබී සොයාගැනේ

කොළඹ මෝදර අලුත් මාවත ප්‍රදේශයේ මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයාගෙන තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී මෙම අත්අබෝම්බ සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා මෝදර පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබනවා.