මෙරට නිෂ්පාදිත ගිනි අවියක් පත්තුවීමෙන් කුඩා දරුවෙකු මියයයි

වාකරේ පොලිස්‌ වසමේ කට්ටමුරි කැලෑ ප්‍රදේශයේදී බෙහෙන්‌ කොටන තුවක්කුවක්‌ පත්තුවීමෙන්‌ ළමයෙකු මියගොස්‌ තිබෙනවා.

මෙලෙස මියගොස්‌ ඇත්තේ වයස අවුරුදු 14 ක්‌ වන සින්නතට්ටමුන, වාකරේ ප්‍රදේශයේ පදිංචි ළමයෙක්.

මියගිය ළමයා වැඩිමහල්‌ සහෝදරයා සහ සහෝදරියන්ගේ ස්වාමි පුරුෂයන්‌ දෙදෙනාද සමඟ සතුන්‌ දඩයම්‌ කිරීම සඳහා 26 වන දින රාත්‍රි කාලයේ ගොස්‌ ඇති අතර,මොවුන්‌ රැගෙන ගිය ගිනි අවියක්‌ පත්තුවීමෙන්‌ මෙම වෙඩි වැදීම සිදුව ඇති බවට පොලිසිය කළ චිමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන්‌ මියගිය දරුවා සමඟ දඩයමේ ගිය අවුරුදු 24, 28 හා 32 වයස්වල පසුවන ඉහත ප්‍රදේශයේ පදිංචි සැකකරුවන්‌ තිදෙනා පොලිසිය විසින්‌ අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්‌ විසින්‌ රැගෙන ගිය මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 සොයා ගෙන නොමැති අතර,සොයා ගැනීම සඳහා වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !