මෙරට නිල විදෙස් සංචිතවල ඉහළ යෑමක්

මෙරට නිල විදෙස් සංචිත ජූලි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 6,591ක් ලෙස සටහන්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ, අනුව එය පසුගිය ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ නිල විදෙස් සංචිතවල දී සුළු වැඩිවීමක් පෙන්නුම් කරන අතර, එය ජුනි මාසයට සාපේක්ෂව 2.017%ක වැඩි වීමක්.

පසුගිය ජුනි මාසයේ දී මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6,458ක් ලෙස සටහන් වී තිබුණා.

ඒ, අනුව ඩොලර් මිලියන 133ක ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

මේ අතර පසුගිය ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ මෙරට රන් සංචිත ඩොලර් මිලියනයකින් ඉහළ ගොස් තිබෙනවා.
.
ජුනි මාසයේදී රන් සංචිත ඩොලර් මිලියන 191ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ජූලි මාසයේ දී එය ඩොලර් මිලියන 192ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48