Empty Ad
Empty Ad
AFC Banner

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනය ලබන 20 වනදා සිට

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහනේ සංශෝධනය ලබන 20 වනදා සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නව සංශෝධනයන් යටතේ දැනට දුම්රිය ධාවනය වන වේලාවට‍ මිනිත්තු 10කට පමණ පෙර දුම්රියන් ධාවනය කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය ඊයේ (13) දිනයේ දී සිදුකිරීමට නියමිතව තිබුණ ද එය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

ඒ, අදාළ සංශෝධනයන් සම්බන්ධයෙන් දුම්රිය මගීන් නිසි ආකාරයෙන් දැනුවත්ව නොසිටීම හේතුවෙන්.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඔක්තෝබර් 20 වනදා සිට ක්‍රියාත්මක පරිදි එම මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන් සිදුවන බවයි.

3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?