මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අපිට විදෙස් රටවල උදව් එපා – නේපාලය

නගර කිහිපයක් විනාශ කරදමමින් ඇති වූ හදිසි ගංවතුරෙන් පසු සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට විදේශ සහාය අවශ්‍ය නොවන බව එරට විදේශ අමාත්‍යාංශය අද (28) දැනුම් දුන්නා.

මෙම ආපදා තත්ත්වය හමුවේ 90,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවට ඇස්තමේන්තු ගතකර ඇති අතර 547 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

එමෙන්ම විශාල විදෙස් සංචාරකයින් පිරිසක් ඇතුළුව සමස්ත පුද්ගලයන් 1000කට අධික පිරිසක් මේ වන විටත් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

“උදව් සඳහා වන යෝජනාව ස්වාභාවිකයි. අපගේ ආරක්ෂක ආයතන සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කරනවා. දැනට අපට එවැනි උදව් අවශ්‍ය වන්නේ නැහැ” යනුවෙන්, නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලොක් බහදූර් චෙත්‍රි විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48