මීනගයා දුම්රියේ දී අත් බෑගයක් සොරකම් කළ සොරා අත්අඩංගුවට

වයස අවුරුදු දෙකහමාරක් වන ආබාධිත දරුවෙකුගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන සායනික පොත්පත්, ලිපිලේඛන, රන් භාණ්ඩ, මුදල් හා ජංගම දූරකථනය ඇතුළු වටිනාකමින් රුපියල් 320,000ක් පමණ වටිනා දේපොළ ඇතුළත් අත් බෑගයක් සොරාගත් පුද්ගලයෙකු ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිය ආබාධිත දරුවාගේ සායනික කටයුතු වෙනුවෙන් කොළඹට ගොස් එම කටයුතු නිමා කර, රාත්‍රී මීනගයා දුම්රියෙන් යළි පොළොන්නරුව බලා ගමන් ගනිමින් සිටි පොළොන්නරුව – ලක්ෂ උයන ප්‍රදේශයේ පදිංචි යුවලක් සතුව තිබූ අත් බෑගයක් බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගමන් ගත් පුද්ගලකු විසින් අවුකන දුම්රිය ස්ථානය ආසන්නයේ දී එම සොරකම සිදුකර ඇතැයි පොලිසිය පැවසුවා.

ඒ අනුව විමර්ශන සිදු කළ ගල්නෑව පොලිසිය මගින් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙම සොරකම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු පලාගල – නෙල්ලියගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙක්.

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු අද (25) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40