මිහින්තලේ විදුලිය විසන්ධි කිරීම හෙළා දකින බව විපක්ෂ නායක කියයි

මිහින්තලා පුද බිමේ විදුලිය විසන්ධි කිරීම හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ අදාළ විදුලි බිල ගෙවා දැමීමේ වගකීම සමගි බෞද්ධ උපදේශක කමිටුව තීරණය කර ඇති බවයි.

මිහින්තලා පුද බිම අන්ධකාරය කරා ගෙන යාමට රජය දරන උත්සාහය පරාජය කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

මිහින්තලා පුදබිම අඳුරේ තැබීමට ඉඩ නොතබා ජනාධිපති අරමුදලින් හෝ බුද්ධ ශාසන අරමුදලින් විදුලි බිල පියවීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මිහින්තලා රජමහා විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත්තේ ගෙවීමට ඇති හිඟ විදුලි බිල් මෙතෙක් නොගෙවීම හේතුවෙන්.

රුපියල් ලක්ෂ 41කට ආසන්න මුදලක් විහාරස්ථානයේ විදුලි බිල ලෙස ගෙවීමට ඇති බවටයි වාර්තා වන්නේ.

මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සඳහන් කළේ පූජා භූමිය සඳහා රුපියල් ලක්ෂ 41ක විදුලි බිලක් එවා ඇති අතර මේ තුළින් රටේ බෞද්ධ ජනතාවට මරු පහරක් එල්ල වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01