මිද්දෙණියේ වෙඩිල්ලෙන් දිවි ගලවා ගැනීමට සටන් වැදි පුංචි පුතුත් මෙලොව හැරයයි

පෙරේදා (18) රාත්‍රියේ මිද්දෙණිය – කඩේවත්ත ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 09 හැවිරිදි දරුවා ද ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (19) රාත්‍රියේ දී එම පිරිමි දරුවා මියගොස් ඇති බවයි පොලිසිය තහවුරු කළේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් පෙරේදා රාත්‍රියේ දී සිය යතුරුපැදියෙන් දරුවන් දෙදෙනා සමග ගමන් කරමින් සිටි 39 හැවිරිදි ‘කජ්ජා’ නොහොත් අරුණ විදානගමගේ යන පුද්ගලයා ද එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වුණා.

ඔහුගේ සය හැවිරිදි දියණිය සහ 9 හැවිරිදි පුතු ද බරපතළ තුවාල ලබා තංගල්ල හා ඇඹිලිපිටිය රෝහල් වෙත ඇතුළත් කෙරුණ ද, ඊයේ අලුයම් කාලයේ දී දියණිය ද ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වූයේ.

මෙම ඝාතන සඳහා නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු යතුරුපැදි මගින් පැමිණ තිබූ බව ද හෙළි වුණා.

තවමත් මෙම ඝාතනයට හේතුවක් නිශ්චිතව ම හෙළි වී නැති අතර මියගිය අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නමැත්තා සිය මුහුණුපොතේ ජීවිතක්ෂයට පත් වීමට දින තුනකට පෙර තැබූ සටහනක් මේ වනවිට ශීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

මරණකරු සඳහන් කර ඇත්තේ; ”ඈත පේන මරනෙ ගැන හිතන්නෙ නැතුව. ළඟ තියන ජීවිතය ගැන හිතලා සතුටින් ඉදපල්ලා..(නොහැක්කක් නොමැත.)” යනුවෙන්.

එම සටහන සමග ඔහු වාහනයක අසුන්ගෙන සිටින දර්ශනයක් ඇතුළත් ඡායාරූපයක් ද මුහුණුපොතට එක් කර තිබෙනවා.

ඉන් හරියටම දින තුනකට පසුව කජ්ජා නමැති මෙම මරණකරු තම සය හැවිරිදි දියණිය සහ කුඩා පුතු සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදියි වෙඩි ප්‍රහාරයට ගොදුරු වූයේ.

මරණකරුවන් ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම වෙඩිතැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53