පාකිස්තානයේ වාර්ෂිකව මළ දරු උපත් ලක්ෂ 7ක් බවට ගණන් බලයි

පාකිස්තානයේ වාර්ෂිකව මළ දරු උපත් ලක්ෂ 7ක් පමණ සිදුවන බවත්, එය ලොව ඉහළම අගය බවත් පාකිස්තාන සෞඛ්‍ය සේවා ඇකඩමියේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ෂෙසාඩ් අලි ඛාන් පවසනවා.

ඉස්ලාමාබාද්හි පැවති ජනගහන වර්ධනය සහ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය පිළිබඳ සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

සෑම දරු උපත් දහසකින්ම 42 දෙදෙනෙක් පමණ පළමු මාසය තුළ මියයන බවත්, 1960 වසරේ සිට පාකිස්තානය ලොව ඉහළම නවජන්ම මරණ අනුපාතය වාර්තා කරන රටක් බවත් ඔහු සඳහන් කළා.

පාකිස්තානයේ සිදුවන ගැබ්ගැනීම්වලින් සියයට 48ක් පමණ අනවශ්‍ය ගැබ්ගැනීම් බවද ඔහු පෙන්වා දී තිබේ. එම තත්ත්වය හේතුවෙන් වාර්ෂිකව ගබ්සා කිරීම් තුන්ලක්ෂ අසූදහසක් පමණ සිදුවන බවත්, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් නියාමනය නොකළ සායනවල අනාරක්ෂිත ක්‍රම මගින් සිදුවන බවත් සඳහන් වනවා.

එමගින් බරපතළ සෞඛ්‍ය සංකූලතා සහ රුධිර ආසාදන ඇතිවන බවද ඔහු පැවසුවා.

පවුල් සැලසුම් සේවා සම්බන්ධයෙන්ද සැලකිය යුතු හිඟයක් පවතින අතර, සෑම යුවළ 100කින් 20කට පමණ අවශ්‍ය පවුල් සැලසුම් පහසුකම් නොලැබෙන බව මහාචාර්යවරයා පෙන්වා දුන්නා.

ඔහු අවධාරණය කළේ පාකිස්තානයේ ජනගහන හා මාතෘ-ළමා සෞඛ්‍ය ගැටලු ජනතාවගේ අසාර්ථකත්වයක් නොව, සම්පත් හිඟය ඇතුළු පද්ධතිමය දුර්වලතා හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09