ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබෙන දිනය ගැන ඉඟියක්

ඊයේ (09) දිනයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු මස 20 වනදා ආරම්භ කරන බව
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.

අද (10) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව සඳහන් කළා.

ඒ, අනුව එම විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු මස 25 වනදා අවසන් කරන බව සඳහන් කළ ඇය විභාග ප්‍රතිඵල විභාගය පවත්වා පාසයක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවයි පැවසුවේ.

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින අපිරා පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723ක දී ඊයේ පැවැත් වුණු අතර, ඊට සිසු සිසුවියන් 294,089 දෙනෙකු පෙනී සිටියා.