විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන ජනපති සහ නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්ථාවරය පෙන්වා දුන් බවත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම වැනි තීරණයක් ගැනීමට පෙර පුළුල් ලෙස සාකච්ඡාවන්ට භාජනය කළ යුතු බවටත් ජනාධිපතිවරයාට දැන්වූ බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති රජිව් අමරසූරිය සඳහන් කළේ එහිදී ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ බවයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අද (12) ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයාව හමුවුණා.

එහිදී සාකච්ඡාව අවසන්ව පිටතට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මේ බව සඳහන් කළා.

”අපි එතුමාට පැහැදිලි කළා අපේ ස්ථාවරය, එතුමත් එතුමාගේ ස්ථාවරය කිව්වා. අපි අන්තිමට ඉල්ලීමක් කළා මේ වගේ වෙනස්කමක් කරනකොට පුළුල් විද්වත් සාකච්ඡාවකින් පසුව තමයි අවශ්‍ය පියවර ගත යුත්තේ කියලා” යැයි අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32