මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය අගය කරනවා – ස්විට්සර්ලන්ත තානාපතිවරිය

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති හමුවුණා.

එහිදී මෙරට වත්මන් ආර්ථිකය මෙන්ම මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඇති වි තිබෙන තත්ත්වය පිළිබඳවද සාකච්ඡාවට ලක් වුණා.

ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවේ තානාපති සේවය ආරම්භ කර ගෙවී ගිය වසර 70ක කාලය තුළ මෙරට තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වැනි සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍ර නඟා සිටුවීමට ස්විට්සර්ලන්තය දායකත්වය සැපයූ බව සිහිපත් කළ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති එම සහයෝගය බෙහෙවින් අගය කරන බවද සඳහන් කළා.

මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය අගය කරන බව සඳහන් කළ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මෙරට තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීමට සහ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට අඛණ්ඩ සහාය ලබාදීමට සූදානම් බවද සඳහන් කර සිටියා.

මෙම අවස්ථාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන) ජස්ටින් බොයිලට් ද සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48