spot_imgspot_img
spot_img

මැණික් සොයන්න ගිහින් ජීවිතයක් අහිමිවෙලා (ඡායාරූප)

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ ඉඩමක බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය මැණික් පතලක් කඩා වැටී සිදු වූ අනතුරකින් ඊයේ (05) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බිබිල, කරගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා සහ තවත් කිහිප දෙනෙකු අඩි 25ක් පමණ ගැඹුරු පතලේ කැණිම් සිදුකරන අවස්ථාවේ දී එහි පස් තට්ටුවක් කඩා වැටී තිබෙනවා.

එහිදී පස් තට්ටුවකට යට වූ පුද්ගලයා බේරාගැනීමට බැකෝ යන්ත්‍ර යොදා මෙහයුමක් ආරම්භ කර ඇති අතර, පැය කිහිපයක මෙහෙයුමකින් පසු පස්වලට යටවී සිටි ඔහුගේ සිරුර ඊයේ රාත්‍රියේ සොයාගත් බවයි බිබිල පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?