Fly high Get bonus Aviator Phone

මැඩගස්කරයේ ක්‍රීඩාංගණයක තෙරපීමකින් 12ක් ජීවිතක්ෂයට

මැඩගස්කරයේ අගනුවර වන ඇන්ටනානාරිවෝ හි ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 80 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එරට පැවැත්වෙන ‘ඉන්දියන් ඕෂන් අයිලන්ඩ්’ ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය නැරඹීමට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට උත්සාහ කිරිමේ දී මෙම තෙරපීම සිදුව තිබෙනවා.

පුද්ගලයන් 50,000කට අධික ප්‍රමාණයක් ක්‍රීඩාංගණය වෙත ඇතුළු වීමට මෙලෙස උත්සාහ දරා ඇති අතර ක්‍රීඩාංගණයේ ධාරුතව පවතින්නේ පුද්ගලයින් 41,000කට පමණක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කළේ.

1977 දී ආරම්භ කරන ලස ‘ඉන්දියන් ඕෂන් අයිලන්ඩ්’ ක්‍රීඩා උළෙල සෑම වසර හතරකට වරක් පැවැත්වෙන බහු ක්‍රීඩා ඉසව්වක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?