මාලිමා ආණ්ඩුව ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් වෙලා – විපක්ෂ නායක සජිත් (වීඩියෝ)

වත්මන් රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර, පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්‍රමයේ වෙනසකට යන බවට පොරොන්දු වුවත් අද වන විට එම ක්‍රමයේ වෙනස වචනවලට පමණක් සීමා වී ඉන්ධන බලශක්ති මාෆියාව ප්‍රවර්ධනය කරන තැනට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වහල මත සවිකරන සූර්ය බලශක්තියට ගෙවන කෝෂක පැනල් ගාස්තුව ගෙවීම කිලෝවෝට් පැයකට රුපියල් 37 සිට 20 දක්වා 45%කින් අඩු කර ඇති බවත්, මින් සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය වීම නොව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට යොමුවන බොහෝ දෙනා ඉන් ඉවත් කිරිම සහ ඉන්ධන බලශක්ති මාෆියාව තවත් ශක්තිමත් කිරීම සිදුවන බවත් විපක්ෂ නායකවරයා අද (21) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවා.

රජය ගෙන ඇති මෙම පියවර හේතුවෙන් කුඩා ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් සූර්ය බලශක්ති ව්‍යවසායකයන් විශාල පිරිසක් අගතියට පත්ව ඇති බවත්, ව්‍යාපාර 1,000ක පමණ සේවය කරන 40,000 කට වැඩි ප්‍රමාණයකට මේ කෝෂක පැනල ගාස්තු 45%කින් අඩු කිරිම නරක ලෙස බලපා ඇති බවත් ඔවුන්ගේ රැකියා ද අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
00:00
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54
Video thumbnail
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට එයි - "දන්නේ නෑ ඉතින්..ගිහින් ඇවිත් කතා කරමු"
00:42
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ප්‍රශ්නය නිසා නලින්ද - දයාසිරි පැටලෙයි..සිංහලෙන් කිව්වනේ මම විරුද්ධ වුණා
05:40
Video thumbnail
කවුරු හිරේ දැම්මත් 2029 අනිවාර්යෙන් නාමල් ජනපති වෙනවා - ඉබ්බන්කොළවලින් පස්ස පිහිදන් හිටපු මනුස්සයෙක්
05:43
Video thumbnail
වරප්‍රසාද ප්‍රශ්නයක් පටලගෙන දයාසිරි පාර්ලිමේන්තුවේ යකා නටයි - වැරදීම් වෙනවා..ඔබතුමාටත් වෙන්නේ ?
01:16
Video thumbnail
ඉදිරි කාලයේ දිවයින පුරා වැසි ඇතිවිය හැකියි - කාලයගුණයේ නවතම තතු මෙන්න
03:59
Video thumbnail
කළුබෝවිල සලිත කළ අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු නිවසට දැඩි ආරක්ෂාවක්
00:50
Video thumbnail
ස්කූටරයකින් ඇවිත් අත් බෝම්බයකින් නිවසකට ප#ර දුන් අයුරු - සියල්ල CCTV කැමරාවේ
00:47
Video thumbnail
මේවට ඇඟිල්ල ගහන්න එපා කියලා මට කිව්වා - එකෝ පාලම හදලා දෙන්න නැත්තම් ගලවගෙන යන්න
09:49