මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් මෙරට අධ්‍යයන චාරිකාවක

මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීහු අද (23) දින අධ්‍යයන චාරිකාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා.

ඔවුන් ජුනි 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම අධ්‍යයන චාරිකාවේ දි මූලික අවධානය යොමු වන ක්ෂේත්‍ර අතරට ලේඛනාගාර සහ වාර්තා නඩත්තු කිරීම හා සංරක්ෂණය, ගබඩා කළමනාකරණය, ඉන්වෙන්ටරි පාලනය සහ තොග සංරක්ෂණය ඇතුළත්.

චාරිකාව අතරතුර ඔවුන් ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට නියමිතයි.

මෙම අධ්‍යයන චාරිකාව සඳහා මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අට දෙනෙක් එක්ව සිටින අතර ඔවුන් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා හමු වී අදහස් හුවමාරුවක නිරත වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40