මාලදිවයින් ජනාධිපතිවරයා සහ රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා අද දිවයිනට

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු නිල සංචාරයක් සඳහා අද (03) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරමින් අවබෝධතා ගිවිසුම් 06කට ද අත්සන් තැබීම ද මෙරට සංචාරයේදී සිදු කිරීමට නියමිතයි.

2023 වසරේ දී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙය වීම විශේෂත්වයක්.

මේ අතර රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16