මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය එළිදක්වයි

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය අද (25) සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ මෙන්ම අනෙකුත් බහුවිධ මධ්‍යස්ථාන වලට අදාල තොරතුරු සහ බස් රථ, දුම්රිය කාලසටහන් වැනි මගීන් හට වැදගත් තොරතුරු මෙම වෙඩි අඩවිය මඟින් දැනගැනීමට හැකියාව පවතිනවා.

මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම වෙබ් අඩවිය තුල “MAKU” හෙවත් AI based Passenger Assistant කෙනෙකු මගින් ඕනෑම අයෙකුට පහසුවෙන් තමන්ට අවශ්‍ය තොරතුරැ ලබා ගැනීමට හැකිවීමයි.

මෙම අවස්ථාවට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එහි බස් පර්යන්ත සහ බස් රථ කළමනාකරණයට අදාළ නව පද්ධතිය ද නිරීක්ෂණය කළ අතර, ඉදිරියේ දී GPS තාක්ෂණය මගින් බස් රථ නිරීක්ෂණ කටයුතු ඇරඹූ පසු මෙම කටයුත්ත තව දුරටත් පහසු කරගැනීම සඳහා එය යොදාගන්න ආකාරයද මෙහිදී සාකච්චා කෙරුණා.

එමෙන්ම ඉදිරි තීරණ ගැනීමේදී අත්‍යාවශ්‍ය කාරණයක් වන මගී ප්‍රවාහණයට අදාළ දත්ත පද්ධතියක් මෙහි ස්ථාපනය කර ඇති අතර, බස් රථ ප්‍රමාණය, මගීන් ප්‍රමණය, Peak/Off peak වේලාවන්, බස් රථවල පැමිණීම් ප්‍රමාද කාලයන් පිළිබඳ තොරතුරු වැනි කාරනා මෙම වෙබ් අඩවියේ ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40