මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය අද (25) සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ මෙන්ම අනෙකුත් බහුවිධ මධ්‍යස්ථාන වලට අදාල තොරතුරු සහ බස් රථ, දුම්රිය කාලසටහන් වැනි මගීන් හට වැදගත් තොරතුරු මෙම වෙඩි අඩවිය මඟින් දැනගැනීමට හැකියාව පවතිනවා.
මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම වෙබ් අඩවිය තුල “MAKU” හෙවත් AI based Passenger Assistant කෙනෙකු මගින් ඕනෑම අයෙකුට පහසුවෙන් තමන්ට අවශ්‍ය තොරතුරැ ලබා ගැනීමට හැකිවීමයි.
මෙම අවස්ථාවට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එහි බස් පර්යන්ත සහ බස් රථ කළමනාකරණයට අදාළ නව පද්ධතිය ද නිරීක්ෂණය කළ අතර, ඉදිරියේ දී GPS තාක්ෂණය මගින් බස් රථ නිරීක්ෂණ කටයුතු ඇරඹූ පසු මෙම කටයුත්ත තව දුරටත් පහසු කරගැනීම සඳහා එය යොදාගන්න ආකාරයද මෙහිදී සාකච්චා කෙරුණා.
එමෙන්ම ඉදිරි තීරණ ගැනීමේදී අත්‍යාවශ්‍ය කාරණයක් වන මගී ප්‍රවාහණයට අදාළ දත්ත පද්ධතියක් මෙහි ස්ථාපනය කර ඇති අතර, බස් රථ ප්‍රමාණය, මගීන් ප්‍රමණය, Peak/Off peak වේලාවන්, බස් රථවල පැමිණීම් ප්‍රමාද කාලයන් පිළිබඳ තොරතුරු වැනි කාරනා මෙම වෙබ් අඩවියේ ඇතුළත්.













