මහියංගනය වියානා ඇලට වැටුණු පෙම්වතා බේරගන්න ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන්

මහියංගණය පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇලෙහි ඇල කණ්ඩිය මත පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් ඊයේ (20) පස්වරුවේ ඇවිදිමින් සිටියදී පිරිමි පුද්ගලයා ඇලට වැටී ගසා ගෙන ගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයාව බේරාගැනීම සඳහා කාන්තාව ඇලට පැනීමේදී දෙදෙනාම දිය පාරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ ඇලෙහි දිය නාමින් සිටි පුද්ගලයෙකු ගසාගෙන යමින් සිටි පිරිමි පුද්ගලයා බේරාගෙන ඇති අතර කාන්තාව දිය පහරට ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස දියේ ගිලී අතුරුදහන්ව ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක තරුණියක්.

අතුරුදහන් වූ කාන්තාව සොයාගැනීම සඳහා ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව මහියංගණය පොලිසිය මෙහෙයුම් සිදුකරනවා.

මෙලෙස මියගොස් ඇති තරුණිය ඇලට වැටී දිවිබේරාගත් පුද්ගලයාගේ පෙම්වතිය බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48