මහින්ද; ජොනීගේ සුව දුක් විමසීමට වැලිකඩට – සාගරත් එයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුව දුක් බැලීමට අද (25) පෙරවරුවේ ඒ මහතා පැමිණ ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙරේදා (23) දිනයේ දී රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් යැයි සැලකෙන අධි සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථයක් කොළඹ පිහිටි තරු පහේ හෝටල් පරිශ්‍රයක රථ ගාලේ නවතා තිබියදී සොයාගැනීමත් සමගයි.

මේ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව උසාවි නියෝග ප්‍රකාරව අත්අඩංගුවට ගෙන; ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියෝග කෙරුණේ.

මේ අතර අද දහවල් හිටපු අමාත්‍යවරයාව බැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14