මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු මාර්තු 17 තෙක් රිමාන්ඩ් (වීඩියෝ)

මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස සේවය කළ සමයේ කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉහළ වාණිජ වටිනාකමකින් යුතු ඉඩමක් කූඨ ලේඛන සකස්කර විකිණීම සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් මත හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) රාත්‍රී බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (06) දහවල් මහර අංක1 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළා.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු වන කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වන වෛද්‍ය ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් නමැති සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් තිදෙනා මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය 2015 වසරේ සිදුකර ඇති බවට සඳහන් වන මෙම අයථා ඉඩම් ගනුදෙනුව පිළිබඳ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබීමෙන් පසු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රශ්න කිරීම සඳා අත්අඩංගුවට ගෙන අද සවස මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46